අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබේ.
එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ඇති බවද ඔහු පවසයි.






