Press "Enter" to skip to content

කොරෝනා දුක්ගැනවිලි අහන සමගි ජන බලවේගයේ මෙහෙයුම් මැදිරිය ඇරැඹේ

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ අරමුණින් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ඊයේ (17දා) විපක්ෂ නායක කාර්යාලයේ ස්ථාපිත කළ විශේෂ මෙහෙයුම් මැදිරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

කොරෝනා ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව ඇති ජනතාව පිළිබඳව තොරතුරු ලබා ගැනීමත් ඔවුන්ගේ එම ගැටලු පිළිබඳව අදාළ බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත් හැකි පමණ එම ගැටලු විසඳා ගැනීමට සහාය වීමත් යන අරමුණින් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රිය මැදිහත්වීම මත ස්ථාපිත කළ එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක 0117701300 යන දුරකතන අංකය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිය.

More from GossipMore posts in Gossip »