Press "Enter" to skip to content

මොරටුවේ කොරෝනා ආසාදිතයින් ගණන 165ක් දක්වා ඉහළට

17 වැනිදා (ඊයේ) වන විට මොරටුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 165ක් වාර්තා වී ඇතැයි මොරටුව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ආසාදිතයන් අතරින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයන් හි 114 දෙනෙක්ද, එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයන්හි 50 ක් ද, මේ වන විට වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සඳහන් කරති.

මෙම ආසාදිතයන් අතරින් අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 39 දෙනෙක්ද, අඟුලාන ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශයන්වල ආසාදිතයන් 30 දෙනකු හඳුනාගෙන ඇත. තවත් කොවිඩ් ආසාදිත 14 දෙනකු (16 වැනිදා) මොරටුව ප්‍රදේශයෙන් වාර්තා විය.

More from GossipMore posts in Gossip »