Press "Enter" to skip to content

රාමඤ්ඤ නිකායේ මහනායක හිමි අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උණ්වහන්සේ අපවත්වී ඇති අතර අපවත් වන විට 98 වන වියෙහි පසුවිය.

පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ 13 වන මහා නායක හිමිපානන් වේ.