බෙල්ජියමේ පරවියෙකු ලෝකයේ වැඩි ම මුදලකට අලෙවි වූ පරවියා ලෙස නව වාර්තාවක් තැබීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෙල්ජියමේ පියාසර තරගවලට ඉදිරිපත් කෙරෙන New Kim නමැති එම පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට වෙන්දේසි වී තිබේ.
වසර 2ක් වන ගැහැණු පරවියෙකු වන මෙම පක්ෂියා වෙනුවෙන් මූලිකව නියම වූ මිල යුරෝ 200ක් පමණි. එහෙත් චීන ජාතිකයෙකු එම පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට මිල දී ගැනීමෙන් පසු මෙය වාර්තාවක් බවට පත්වී ඇත.
මෙම පරවියා හදාවඩා ගත් කර්ට් වෑන් ඩි වූවර් නමැත්තා පවසා ඇත්තේ සිය පරවියාට නියම වූ මිල අසා විස්මයට පත්වූ බවය.







