Press "Enter" to skip to content

ශිෂ්‍යත්වයට පෙනීසිට ලකුණු 200 න් 200ම ගත් “සියති”

කොවිඩ් 19 වසංගතය මැද සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල අනුව 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයක් ලබාගත් සුපිරි හපනෙකු වූ දැරියක් පිළිබඳව තොරතුරු වාර්තාවන්නේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන්.

ඇය ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා සඳුන්දි කරුනාතිලක නමැති දියණියක්.

ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

තම ජයග්‍රහණය ගැන දෝරගලා යන සතුටින් සියති දියණිය අප සමග මෙලෙස අදහස් පළකලා.

“ඇත්තමට හරිම සතුටුයි මේ ලැබුණ ජයග්‍රහණය ගැන. මගේ අම්මාගේ යාළුවෙක් තමයි අපිට මුලින්ම ප්‍රතිළුල ගැන කිව්වේ. එයා තමයි කිව්වේ මට ලකුණු 200 යි කියලා.

මම එක වසරේ ඉදලම ගියේ සංඝමිත්තා විද්‍යාලයට මගේ පලමු වසරේ මිස් දිස්නා මිස් ඊට පස්සේ කුමුදු මිස් සහ හතර පහ වසර වල මට ඉගැන්නුවේ ලලිත් රණවීර සර් මේ හැමෝන්ගෙම උදව් ලැබුණා මට මේ ජයග්‍රහණයට. මම පාසලේ පරිසර, චෙස් ඇතුළු කණ්ඩායම් වල ඉන්නවා. ඒ අතර සාමාන්‍ය පරිදි මගේ වැඩ ටික කරගෙන ගියා මගේ තාත්තා ඉන්දික කරුනාතිලක, අම්මා නිලන්ති දීපිකා මේ දෙන්නාම මගේ පස්සෙන්ම ඉදගෙන මට හැමදේටම උදව් කරා. ඒ වගේම මගේ මල්ලී, ආච්චිමගේ නෑදෑයින් සහ අසල්වාසීන් ඇතුළු සියළු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මගේ පාසල ගාල්ල සංඝමිත්තාව ට වගේම විදුහල්පතිනිය වන චාන්දනී උඩකුඹුර මහත්මියත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මම සහභාගී වු පෞද්ගලික පංතිවල ගුරුමහත්ම මහත්මීන් ද මේ ජයග්‍රහණයට හේතුවක් වුනා.”

එසේ තමන්ගේ ජයග්‍රහණය ගැන කෙටියෙන් අප සමඟ කී සියති විතුම්සා කරුනාතිලක සිසුවිය සිය අනාගත බලාපොරාත්තුව ලෙස පැවසුවේ ඉංජිනේරුවෙක් වී රටට සේවය කරනා බවයි.

More from GossipMore posts in Gossip »