ප්‍රතිඵල නිකුත් වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනෙන් වාර්තා වනවා.
ඒ අනුව ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන්ට අයත්.
එසේම, තවත් සිසුන් 06 දෙනෙකුද ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා.
මේ අතර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්.
ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය සහ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟයි.






