Press "Enter" to skip to content

කළුතර දී අත්අඩංගුවට ගත් පිරිසකට කොරෝනා

කළුතර හීනටියන්ගල සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදී ඉකුත් නොවැම්බර් 07 වනදා ආයුධ සන්නද්ධව සිටි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔවුන් බූස්ස බන්ධනාගාරයට යොමුකෙරුණු අතර පසුගිය 13 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඔවුන්ගෙන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අනුව කළුතර දකුණ පොලිස් නිලධාරීන්, වැටලීමට එක් වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, කළුතර අධිකරණයේ සේවකයින් සහ බන්ධනාගාර නිලධාරීන් අද (16) පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර අනතුරුව ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

මේ අතර විවිධ පොලිස් ස්ථානවලින් වාර්තාවන සමස්ථ පොලිස් ආසාදිතයන් ගණන අද පස්වරු 3.00වන විට දැක්වුණේ 707 ක් ලෙසිනි.

ඒ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 145 දෙනෙකුද සිටී.

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ එක් ආසාදිත කාන්තා රැඳවියෙකු පමණි.

ඇය කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින තැනැත්තියක් බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 438කි.

More from GossipMore posts in Gossip »