Press "Enter" to skip to content

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත රෝගීන් 803ක්

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 803 දෙනෙකු අද 15 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම රෝගීන් පිරිස අතර ගැබිණි මව්වරුන් 18,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් 9 දෙනෙක් වන බව වෛද්‍ය රත්නායක මහතා කිය.

එයින් වැඩිම රෝගීන් පිරිස වන 121 දෙනකු වාර්තා වී ඇත්තේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බවත් බණ්ඩාරගම ,පානදුර හා ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ද රෝගීන්ගෙන් වැඩි වීමක් දක්නට ලැබුණද සමස්තයක් ලෙස දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් හමුවීම අඩුවීමක් දක්නට ලැබෙන බව අධ්‍යක්ෂකවරයා කීය .

More from GossipMore posts in Gossip »