Press "Enter" to skip to content

මතට ඇබ්බැහිවුවන්ට උපදේශන සේවා සඳහා දුරකථන අංකයක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව 1927 කෙටි අංකය ඔස්සේ පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම උපදේශන සේවාව ක්‍රියාත්මක බව එම මණ්ඩලය පවසයි.

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් වඩාත් අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇති අතර ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශවීමේදී ඔවුන්ට විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් හා ඔවුන්ගේ සමීපතමයින් මුහුණපාන ගැටලු සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් සැපයීම වෙනුවෙන් මෙම දුරකථන අංකය හඳුන්වාදී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කරයි.

More from GossipMore posts in Gossip »