Press "Enter" to skip to content

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද (14) පස්වරුවේ වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් තමන්ට එම තනතුරෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කළ බවයි.

මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළා.