Press "Enter" to skip to content

ටාජ් සමුද්‍රා හෝටලයේ සේවකයින් 4කට කොරෝනා

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සේවකයින් සිවුදෙනෙකු හට Covid-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන එම හෝටලය සඳහන් කර ඇත්තේ මෙම සේවකයන් සිවුදෙනාම බාහිරව කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඔවුන් මේ වන විට නිරෝධායනය කර ඇති බවත්ය.

රජය විසින් නියම කර ඇති මාර්ගෝපදේශ අනුව හෝටලය විසින් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.

More from GossipMore posts in Gossip »