Press "Enter" to skip to content

කළුතර කොරෝනා ආසාදිතයින් 762ක් දක්වා ඉහළට

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 762ක් අද(13) දිනය වන විට හඳුනා ගෙන ඇත.

එයින් වැඩිම රෝගීන් පිරිසක් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර 116දෙනෙකු හොරණින් සොයා ගෙන ඇත.

අගලවත්ත ප්‍රදේශයෙන් රෝගීන් 22දෙනෙකු, බණ්ඩාරගම ප්‍රදේශයෙන් රෝගීන් 68දෙනෙකු , බුලත්සිංහල ප්‍රදේශයෙන් රෝගීන් 41දෙනෙකු ,දොඩංගොඩ ප්‍රදේශයෙන් රෝගීන් 3දෙනෙකු, බේරුවල ප්‍රදේශයෙන් රෝගීන් 74දෙනෙකු , ඉංගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 84දෙනෙකු , කළුතර ප්‍රදේශයෙන් රෝගීන් 54දෙනෙකු ,මදුරාවල ප්‍රදේශයෙන් රෝගීන් 40දෙනෙකු, මතුගම ප්‍රදේශයෙන් රෝගීන් 67දෙනෙකු , මිල්ලනිය ප්‍රදේශයෙන් රෝගීන් 37දෙනෙකු, පාලින්දනුවර ප්‍රදේශයෙන් රෝගීන් 11දෙනෙකු, පානදුර ප්‍රදේශයෙන් රෝගීන් 63දෙනෙකු , වාද්දුව ප්‍රදේශයෙන් රෝගීන් 60දෙනෙකු හා වලල්ලාවිට ප්‍රදේශයෙන් රෝගීන් 22දෙනෙකු වශයෙන් වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම රෝගීන් පිරිස අතර ගැබිණි මවුවරුන් 11 හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් 8 දෙනෙක් ද වේ.

මේ හේතුවෙන් ඉංගිරිය හා හොරණ පොලිස් බල ප්‍රදේශ දෙක සංචරණ සීමා පනවා ඇති අතර පානදුර පොලිස් බල ප්‍රදේශයේ වෑකඩ බටහිර ග්‍රාම සේවා වසම හුදෙකලා කර ඇත.

More from GossipMore posts in Gossip »