Press "Enter" to skip to content

දෙවැනි PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වු තරුණියක්

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 17හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. ඇය මින් පෙර කුඩාවැල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙක් බව සොයාගෙන ඇත.

පසුගිය 9 වන දා ඇයට හිසේ කැකුමක් ඇතිවී ඇති අතර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ගොස් ඇති අතර පළමු PCR පරීක්ෂණයෙන් ඇය ආසාදිත බව තහවුරු වී නැහැ. නමුත් ඉන් දින දෙකකට පසුව ඇය නිවස බලා යාමට පිටත්වීමේ දී කළ දෙවන PCR පරීක්ෂණයෙන් ඇයට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.

මේ අනුව ඇයව කඹුරුගමුව රෝහල වෙත යොමුකර ඇති අතර ඇගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර තිබේ .