Press "Enter" to skip to content

කොළඹ අහඹු PCR පරීක්ෂණ 400කින් 19කට කොරෝනා

කොළඹ නගරය තුළ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, එහිදී 400ක් පී.සී.ආර්. සදහා යොමු කළ විට ඉන් 19දෙනෙකුට කොවිඩ්-19 පොසිටිව් වී ඇත.

එය 5%ක් පමණ වන බවත්, එය ලක්ෂ 6කින් බැලූවිට 30,000ක ප්‍රමාණයක් වෛරසයත් සමග නිරන්තරයෙන් සැරිසරනවා විය හැකි යැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පෙන්වා දෙයි.

අද දිනය වන විට කොළඹ නගරය තුළින් පමණක් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2850ක් වේ.

More from GossipMore posts in Gossip »