වවුනියාව, ඕමන්ත, පණ්රිකෙයිදකුලම ප්රදේශයේ ජලය පිරුණු වැසිකිළි වළකට වැටීමෙන් වයස අවුරුදු 06ක දැරියක් අද (10) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසූවේ දැරිය මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ වැසිකිළියක් සැකසීම වෙනුවෙන් කපන ලද වැසිකිළි වළකට මෙම ඇය ඇද වැටී ඇති බවයි.
අනතුරට පත් දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවදී ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
වවුනියාව ප්රදේශයට ඊයේ (09) දිනයේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දැරිය වළ තුළට ඇද වැටුණු අවස්ථාවේ එය ජලයෙන් පිරී තිබී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.






