Press "Enter" to skip to content

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 663ක් දක්වා ඉහලට

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 663 දෙනෙකු (9) දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම රෝගීන් පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනෙක්,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් හය දෙනෙක් වන බව වෛද්‍ය රත්නායක මහතා කිය.

එයින් වැඩිම රෝගීන් පිරිස වන 90 දෙනකු වාර්තා වී ඇත්තේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බව අධ්‍යක්ෂකවරයා කීය .

අගලවත්ත රෝගීන් 19, බණ්ඩාරගම රෝගීන් 63 , බුලත්සිංහල රෝගීන් 28 ,දොඩංගොඩ රෝගීන් 3, බේරුවල රෝගීන් 69 , ඉංගිරිය රෝගීන් 75 , කළුතර රෝගීන් 52 ,මදුරාවල රෝගීන් 30 , මතුගම රෝගීන් 66 , මිල්ලනිය රෝගීන් 28, පාලින්දනුවර රෝගීන් 9 , පානදුර රෝගීන් 62 , වාද්දුව රෝගීන් 47 හා වලල්ලාවිට රෝගීන් 22 වශයෙන් වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය

More from GossipMore posts in Gossip »