Press "Enter" to skip to content

සතියක් තුලදී කොරෝනා ආසාදිතයින් 2756ක් : මරණ 13ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 449 දෙනෙකු අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 445 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් සිව්දෙනා විදේශ රටවලින් පැමිණ නිරෝධායනය වෙමින් සිටිය අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,419ක් වන අතර ඉන් 5662 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අනුව සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 7723ක්.

ගතවූ දින 07ක කාලය තුලදී මෙරටින් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2756ක් සහ මරණ 13ක් වාර්තා වී තිබෙනවා.

More from GossipMore posts in Gossip »