Press "Enter" to skip to content

ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරුට

සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ මරණයට පත්ව ඇති බව හලාවත රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.

මොහු මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇති අතර එහි ස්ථාපිත කර ඇති විශේෂ කොරෝනා ඒකකයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස් කර ඇත.

More from GossipMore posts in Gossip »