Press "Enter" to skip to content

ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක්

නිරෝධායන ඇඳිරිනීතිය හෝ වසා දැමුණු ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී “වතුර බිල්පත් වෙනදා වගේම ගෙවන්න ඕනේ. ගෙවන්න බැරි නිරෝධායනය වූ පවුලක් වේවා, වසා දැමූ ප්‍රදේශයක ජීවත්වෙන අයට තමන්ට ඒවා ගෙවිය හැකි දවසක ගෙවීමට අවකාශය තියෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »