පවතින තත්ත්වයත් සමඟ රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සංවිධාන නොවීම හමුවේ රුධිර හිඟයක් නිර්මාණය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ජංගම රුධිර පරිත්‍යාග කිරීමේ මධ්‍යස්ථාන පසුගිය කාලවකවානුව පුරාම නිසි පරිදි සිදුකිරීමට නොහැකි වූ බවයි.
විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ එම වැඩපිලිවෙලට දැඩි බලපෑම් එල්ල වූ අතර, මේ හේතුවෙන් පිට පළාත්වලද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී නැහැ.
එම තත්ත්වය මත රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලින්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ.






