Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයෙක් ආගිය අතක් නෑ – රෝහලට බොරු ලිපිනයක් දෙයි

පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයෙක් සාම්පලයක් ලබා දී එය සමග අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම පුද්ගලයාගේ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

එහෙත් රෝහලට ලබාදුන් අසත්‍ය තොරතුරු නිසා ඔහුව සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව යුද හමුදාපතිවරයා පැවසීය.

යම් පුද්ගලයෙකුට සැක සහිත රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රථමයෙන් රෝහල වෙත ගමන් කිරීම සුදුසු නොවන බවත්, ප්‍රථමයෙන් නිවෙසට වී නිරෝධායනය වියයුතු අතර එසේ සිදුකරන අතරතුර ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

More from GossipMore posts in Gossip »