රසායනාගාර සේවාව තුල පරීක්ෂණ ක්‍රමවේද සහ පහසුකම් තිබියදී, දින 14ක් නිරෝධායනය වූ ආසාධිතයින් කිසිදු පරීක්ෂණයක් සිදු නොකර මුදා හැරීම වැරදි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.
ඒ අතරම, කොරෝනා පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික උපදෙස් කමිටුව දිගින් දිගටම, වෛද්‍ය රසායනාගාර විද්‍යාවේ සම්පූර්ණ හැකියාව භාවිත නොකර සිටීම හේතුවෙන් “වසංගත පාලනය” අනතුරේ යවමින් සිටින බවට ද එම සංගමය චෝදනා කරයි.
ඒ අනූව දින 14කින් පසු වූ ආසාධිතයින්ගේ ප්‍රතිදේහ ගොඩ නැගීම පිළිබද සිදු කරනු ලබන පහසු පරීකෂණ ක්‍රම ස්ථාපිතව තිබියදී, පරීක්ෂණ සිදු නොකරමින් අසාධිතයින් ගෙදර යැවීම බරපතල අවධානමක් බවට ද කුමුදේශ් මහතා අනතුරු හඟවයි.






