මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ,
‘‘දින කීපයක් දිවයිනේ ප්‍රදේශ කීපයකට පනවා ඇති ඇඳිරි නීතිය යම් ආකාරයකට මේ වන විට ලිහිල් වී තිබෙනවා. ඇතමුන් කියා සිටියා බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කළ යුතු බව. නමුත් බිම් මට්ටමේ රාජකාරි කටයුතු සිදු කරන තාක්ෂණික නිලධාරීන් වශයෙන් අප කියා සිටියේ තවමත් බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමට කාලය එළැඹ නොමැති බවයි.
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභා සීමාව තුළ සහ වත්තල ප්‍රදේශවලින් හමුවී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා ගැනීම තවමත් ගැටලුවක් වී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය අනතුරු දායක වන්නට ඉඩ තිබෙනවා.
අප තවමත් උත්සාහ කරමින් සිටින්නේ කොවිඩ් වසංගතය විසින් නතු කර ගෙන ඇති පාලනය අපේ අතට ගන්නයි. ඒ සදහා ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් යමක් කරන්න අපහසුයි. මහජනතාවගේ පූර්ණ සහාය ඒ සඳහා ලැබිය යුතුමයි.






