ගාල්ල මාගාල්ල පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් හතර දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
පෞද්ගලික රෝහලකින් එහි සේවකයන් 237 දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එහි දී මේ බව අනාවරණය වී ඇත.
ඒ අනුව ඔවුන් වැඩිදුර ප්රතිකාර සඳහා නෙවිල් ප්රනාන්දු රෝහල වෙත යොමු කර ඇත.
ඔවුන් සිව්දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් හා රුධිර සාම්පල් ලබාගෙන නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.






