මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් ආසාදිත රෝගින් 41 ක් හමුවි ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පවුල් 1,122ක් නිරෝධායනයට ලක් කර ඇති බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවැසිය.
මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවැසුයේ කොරෝනා සම්බන්ධව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි අද (03) පැවැත්වු මාධ්‍ය සාකච්ජාවේදිය.
මෙම කොරෝනා ආසාදිතයින් ගගවට කොරලයෙන් එක් රෝගියෙක්ද කුන්ඩසාලෙ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් 5 දෙනෙක්ද , පාත දුම්බරින් එක් රෝගියෙක්ද , යටිනුවරින් දෙදෙනෙක්ද , උඩපාළාතින් 9 දෙනෙක්ද , දේඵවෙන් 6 දෙනෙක්ද , දෙල්තොටින් 4 දෙනෙක්ද , මැදදුම්බරින් 4 දෙනෙක්ද , උඩුද්ම්බරින් එක් රෝගියෙක්ද , මිණිපෙන් එක් රෝගියෙක්ද , අකුරණින් එක් රෝගියෙක්ද , හාරිස්පත්තුවෙන් එක් රෝගියෙක්ද , තුම්පනෙන් දෙදෙනෙක්ද ගග ඉහළ කොරලයෙන් 5ක් වශයෙන් හමුවි ඇති අතර මෙම රෝගින් අතරින් වැඩි පිරිසක් පැලියගොඩ මාඵ වෙලද සැල් ආශ්‍රිතව හදුනාගත් රෝගින් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසිය.






