Press "Enter" to skip to content

පානදුර නිවාස සංකීර්ණයකින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

පානදුර, මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයෙන් කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙකු හමුවූ බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට එම නිවාස සංකීර්ණයට පිවිසීමට තිබෙන මාර්ග තුනකට පොලිස් ආරක්ෂාව යොදවා නිවාස සංකීර්ණයෙන් පිටතට යාම සහ එයට ඇතුළු වීම සීමා කොට ඇත.

ඊයේ (2) එම නිවාස සංකීර්ණයේ 100කට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර තිබේ.

පවුල් 287ක සාමාජිකයින් 1200කට අධික පිරිසක් එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී.

More from GossipMore posts in Gossip »