වත්මන් කොරෝනාවෛරසය සම්බන්ධයෙන් නිකුත් කළ සිය පර්යේෂණ වාර්තාව පදනම් කර ගනිමින් වැරදි මතවාද සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ දරන බව අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනාවෛරසයේ ප්‍රභේදය යුරෝපයේ හමුවූ ප්‍රභේදයට බෙහෙවින් සමාන බවට පර්යේෂණයෙන් තහවුරු වී ඇති අතර එම වෛරසය යුරෝපයේ සිට පැමිණි බවට ඒ හරහා නිගමනය කළ නොහැකි බව ඇය අවධාරණය කළාය.
“වෛරසය ආවෙ කොහෙන් ද කියලා ජානමය පරීක්ෂණයකින් කියන්න බෑනෙ. ඒක බුද්ධි අංශයේ වැඩක්. අපි කොහොම ද කියන්නේ ලංකාවට වෛරසය ආවේ කොහෙන් ද කියලා? අපේ දත්තවලින් කිසිසේත් ම කියන්න බෑ මේ වෛරසය යුරෝපයෙන් ආව කියලා.”
ඇය පෙන්වා දුන්නේ, තමන් ඇතුළු කණ්ඩායම වෛරසය පිළිබඳ ජානමය පර්යේෂණයක් සිදු කළ අතර එයින් එම වෛරසය පැමිණි රට කුමක් ද යන්න පිළිබඳව නිගමනය කළ නොහැකි බවය.
උපුටා ගැනීම(මව්බිම)






