Press "Enter" to skip to content

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයකුටත් කොරෝනා

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම නාගරික මන්ත්‍රීවරයා උතුරු කොළඹ පදිංචිකරුවෙකු වන අතර, මේ වනවිට කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට තිබේ.

පසුගිය 30 වැනිදා කොළඹ මහනගර සභාවේ මාසික සභා රැස්වීමට මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

More from GossipMore posts in Gossip »