කොවිඩ් වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.
මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 23 ක් දක්වා ඉහළ ගොස් ඇත






