Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත මව රෝහල් ගත කල දුකින් පුතා දිවි නසා ගනී

කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හෝමාගම දොලහේන හරිත පෙදෙසේ විසූ කාන්තාවක් පසුගිය දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

අදාළ කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සියදිවි හානි කර ගැන ඇති බව වාර්තා වේ.

මහරගම ප්‍රදේශයේ මාළු වෙළදසැලකින් එම කාන්තාව මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පසුගිය 30වන දින කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඇයගේ 25 හැවිරිදි විශේෂ අවශ්‍යතා සහිත පුත්‍රයා ඇය සමඟ නිවසේ තනිව ජීවත්ව ඇත.

මව රැගෙන යාමෙන් කම්පනයට පත් පුතු නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව ප්‍රදේශවාසින් සඳහන් කරයි.

අදාළ දරුවා සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා අවදානයක් යොමු නොකළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

More from GossipMore posts in Gossip »