Press "Enter" to skip to content

හීනෙන්වත් MCC ගිවිසුමට අත්සන් කරන්නේ නෑ

එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘අරුණ පුවත්පත’’ට විශේෂ ප්‍රකාශයක් කළ තිබෙනවා .

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.
උපුටා ගැනීම(අරුණ)

More from GossipMore posts in Gossip »