කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති එම වෛද්‍යවරයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි සිටින අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට ඇත.එමෙන්ම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.






