වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සුවවූ කොරෝනා ආසාදිතයින් රෝහලින් පිටව යන අවස්ථාවේදී සිදුකරන පී සී ආර් පරීක්ෂණය ඉදිරියේදී නවතා දැමීමට කටයුතු කරන බවයි.
එය වෛද්‍ය පර්යේෂණ මගින් අවශ්‍ය නොවන ක්‍රියාවක් බවට තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළා.






