Press "Enter" to skip to content

කළුතරින් ආසාදිතයන් 276ක්

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 276 දෙනකු අද වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.

වැඩිම ආසාදිත රෝගීන් වන 50 දෙනෙකු වාර්තා වී ඇත්තේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙනි,බණ්ඩාරගම 40,අගලවත්ත 15, වාද්දුව 23, පානදුර 19 , හොරණ 21, වලල්ලාවිට 16, පාලින්ද නුවර 8 , මිල්ලනිය 7 ,මදුරාවල 5 හා දොඩම්ගොඩ 1 හා කළුතර බේරුවල 66 වශයෙනි.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිත රෝගී මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් අද 30 අයි ඩී එච් රෝහලේ විශේෂ විභාග මධ්‍යස්ථානය කරා යොමු කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය

More from GossipMore posts in Gossip »