Press "Enter" to skip to content

වත්තල ෆැක්ටරියක 49කට කොරෝනා

වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 120කුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 49 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගත් ආසාදිතයින් අතුරින් පිරිමි සේවකයින් ඊයේ(30) රාත්‍රියේ රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර කාන්තාවන් අද(31) දිනයේ දී රෝහල් ගත කිරීමට කටයුතු කරන බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේය.

අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වූ අනෙකුත් සේවකයින්ගේ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »