Press "Enter" to skip to content

බස්නාහිරින් පිට වූවන් දින 14ක් නිරෝධායනයට

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් සහ කුලියාපිටිය කොට්ඨාශයෙන් ඊයේ(30) සහ පෙරේදා(29) දින දෙකෙහි පිටස්තර ප්‍රදේශ වෙත ගිය පුද්ගලයන් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් දිවයින පුරා පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී ඇති බවයි.