Press "Enter" to skip to content

මෙරට පැතිර යන කොවිඩ් -19 වෛරසය ප්‍රබල වෛරසයක් බව ජපුර පර්යේෂණයකින් හෙළිවේ

මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වේ.

මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කළ මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවේ ,

“මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු, නේවි නැතිනම් ඊට කලින් අපිට හමුවන වෛරසය නෙමෙයි වෙන වේරියන්ට් එකක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව…. B.1.42 කියන වෛරස් එක “

More from GossipMore posts in Gossip »