Press "Enter" to skip to content

පැතිර යන වෛරසය ගැන කළ පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සතියේ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සමඟ ඇතිවූ නව කොරෝනා රැල්ල සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණයේ ප්‍රතිඵල මෙම සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ සඳහන් කළා.

මෙම වෛරසයේ විශේෂතා මෙන්ම එහි ව්‍යාප්තියට අදාළ කරුණුද මේ වනවිට රසායනාගාර තුළ විමර්ශනයට ලක්වන බවයි ඇය කියා සිටියේ.