කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තරමක් බරපතල නමුත් එය පාලනය කල හැකි මට්ටමේ පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වනවා. රටම වසා දැමීම ඊට විසදුමක් නොවන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් මේ වන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඉදිරියේදීත් රුපියල් 5000 දීමනාව ලබා දීමටත් නිරෝධනය වන පවුල් සඳහා ආහාර මල්ලක් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇතැයි සඳහන්.






