Press "Enter" to skip to content

ඇඳිරි නීතිය නොතකා දේශපාලක පුතෙකුගේ විවාහය කොළඹ තරු හෝටලයක පවත්වයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය අද(30)දින කොළඹ රාමඩා හෝටලයේ පවත්වා ඇති බව වාර්තා වේ

මෙම විවාහ මංගල උත්සවයට 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වී ඇති අතර ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේ පැවැත්වූ මෙම විවාහ මංගල උත්සවය කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිගේ මැදිහත්වීමෙන් නතර කර ඇත.

ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් රාමඩා හෝටලයේ පාලන අධිකාරියට හා විවාහ මංගල උත්සවය සංවිධානය කළ පුද්ගලයින්ට නිරෝදායන නීතිය යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අරුණට පැවැසීය.

More from GossipMore posts in Gossip »