කුරුණෑගල මහ නගර සභාව මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීය.
කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ කම්කරු නිවාස පද්ධතියේ පදිංචිව සිටින කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 17 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඉන් 06 දෙනෙකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
මීට අමතරව පරීක්ෂාවට ලක් කළ යන්තම්පළාව සහ උඩවල්පොළ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
එය සැලකිල්ලට ගනිමින් කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.






