Press "Enter" to skip to content

බණ්ඩාරගම 23දෙනෙකුට කොරෝනා

බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු අද (29) දින වන විට වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඔවුන්ගෙන් බහුතරය මස්විල සහ බටහිර බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වේ.

බණ්ඩාරගම ප්‍රදේශයෙන් මාළු මිල දී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගිය ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ සහයකයින් 54 දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල පසුගිය 23 වන දා ලබා ගෙන ඇත.

ඔවුන්ගෙන් 15 දෙනෙකුට කොවිඩ්-19 වැළඳී ඇතැයි අනාවරණය වී තිබේ.

තවත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ ආශ්‍රිතයන් 144 දෙනෙකුගේ පී.සී.ආර්. වාර්තා ලැබීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »