නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේ පිවිසුමේ ආරක්ෂක නිලධාරීන් හතරදෙනෙකුට සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇති අතර, ඔහු හරහා මොවුන්ට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.
ආපනශාලා හිමියා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ නමුත් ඔහු ආසාදිතයෙකු නොවන බවට හෙළිවී තිබෙනවා.
කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර තිබූ අවස්ථාවේදී එම පුද්ගලයාට ආහාරපාන සපයා දී ඇත්තේ අදාළ රියදුරා විසින්.
වෛරසය ආසාදනය වූ ආරක්ෂක නිලධාරීන් හතරදෙනා එම රියදුරාගේ ආශ්‍රිතයින් ලෙසට සැක කරනවා.






