ලංකා ප්රිමියර් ලීග ක්රිකට් තරගාවලියට එක්වීමට නියමිතව තිබූ විදේශීය ක්රීඩකයන් 5 දෙනෙකුටම තරගාවලියට සම්බන්ධවිය නොහැකි බව දැනුම් දී තිබේ.
ඇන්ඩ්රේ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මාලන්, මන්වින්දර් බිස්ලා සහ ඩේවිඩ් මිලර් යන ක්රීඩකයන් මෙසේ තරගාවලියට එක්විය නොහැකි බව සඳහන් කර තිබේ.
මිලර්, ඩු ප්ලෙසිස් සහ ඩේවිඩ් මාලන් නොවැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිත දකුණු අප්රිකාව සහ එංගලන්තය අතර සීමිත පන්දුවාර තරගාවලිය හේතුවෙන් තරගාවලියට එක්නොවන බව දැනුම් දී තිබේ.
රසල් ආබාධයකට ලක්ව ඇති බව ශ්රී ලංකා ක්රිකට් පවසයි. තරගාවලියෙන් ඉවත් වූ පස්වන ක්රීඩකයා වන මන්වින්දර් බිස්ලා ඊට හේතුවක් ලබා දී නොමැත.
ල්පීඑල් නොවැම්බර් 21 වනදා ආරම්භ වී දෙසැම්බර් 13 දක්වා ක්රියාත්මක වීමට නියමිතය.