කොවිඩ්-19 වෛසරයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව පිළිපැදිය යුතු උපදෙස් රැසක් වෛද්‍යවරුන් විසින් නිකුත් කර ඇත.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවේ තද කහ, තැඹිලි, තද කොළ පාට සහිත ආහාරවල විටමින් A අඩංගුවන බවත් වට්ටක්කා වැනි ආහාර කෑමටගත යුතු බවත් ය.
එමෙන්ම ප්‍රතිආසාදිත ආහාර එනම් විටමින් “C” බහුල ආහාරවන දෙහි, ලෙමන් වැනි ඇඹුල් ආහාර සුදුසු බව වෛද්‍යවරිය නිර්දේශ කළාය.
එමෙන්ම දිනකය වතුර වීදුරු 8ක් වත් පානය කිරීම ඉතාමත්ම අවශ්‍ය බව ද වෛද්‍යවරිය අවධාරණය කළාය.
විටමින් D ප්‍රතිරෝධය ඉතාම වැදගත් බවත් එය ලබා ගැනීම සඳහා මධ්‍යහන 12 සිට 1දක්වා කාලය තුළ හිරු එළියට විනාඩි 10ක් වත් නිරාවරණය වී සිටින ලෙසට ද වෛද්‍යවරිය පැවසුවාය.
Published in Health
More from HealthMore posts in Health »