Press "Enter" to skip to content

කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට

චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවේය.

එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.