රට තුළ මේ වන විට උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය සමග මහ ජනතාව වික්ෂිප්ත වන ප්‍රකාශයක් ලෙස ‘කොවිඩ් – 19 සමාජයෙන් වාර්තා වෙන්නෙ නැහැ’ යන ප්‍රකාශය මතභේදයට තුඩු දී තිබෙන කාරණයක්.
ලංකාව තුළ මේ වන විටත් දිස්ත්‍රික්ක ගණනාවකින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වන පසුබිමක සමාජයෙන් ආසාදිතයින් වාර්තා නොවේ යන ප්‍රකාශය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දක්වන්නේ මෙවන් අදහසක් ,
“මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වෙනවා. එම ආසාදිතයින් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ ද නැද්ද කියන එක මතයි සමාජයෙන් ආසාදිතයින් වාර්තා වෙනව ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා ජනතාවට වගකිව යුතු වාර්තාකරණයක යෙදිය යුතු වන්නේ වසංගත රෝග විද්‍යා ආයතනය. නමුත් මේ වන විට ඔවුන් ඒ සම්බන්ධ තොරතුරු නිසියාකාරව ලබා දෙන බවක් පේන්න නැහැ,” වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.
“ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සමාජයෙන් ආසාදිතයින් වාර්තා වෙනවා කියන ප්‍රකාශය කරන්න නම් එකිනෙකට සම්බන්ධයක් නොමැති ලෙස බහුවිධ රෝගී පොකුරු වාර්තා විය යුතුයි. මේ සඳහා මෙරට තුළ රෝගීන් වාර්තා වීම සම්බන්ධ නිවැරදි දත්ත පිළිබඳ විනිවිදභාවයකින් වාර්තා විය යුතු වෙනවා. එහි වගකීම පැවරෙන්නෙ ආරක්ෂක අංශ වෙත නොවෙයි, වසංගත රෝග විද්‍යා ආයතනය වෙතයි.”
නමුත් අද වන විටත් මේ පිළිබඳ විනිවිදභාවයකින් යුතු තොරතුරු සමාජගත වී නොමැති බව වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.
GPS තාක්ෂණය යොදාගෙන ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ සිතියම්ගත කොට ප්‍රකාශයට පත් කරන්නට කළ ඉල්ලීම්වලට පවා නිසි ප්‍රතිචාරයක් මේ වන තෙක් ලැබී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“මේ වන විට වාර්තා වන තොරතුරු අනුව එකකට එකක් සම්බන්ධ නොවන අයුරින් ආසාදිතයින් වාර්තා වීමක් ද සුළු වශයෙන් හෝ සිදු වී තිබෙනවා. එවන් වාතාවරණයකී අපිට හරියට ම තීරණය කරන්න බැහැ සමාජයෙන් ආසාදිතයින් වාර්තා වෙලා නැහැ කියන එක. එක් අතකින් එලෙස මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධතාවක් නොමැති ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් මේ වන විටත් වාර්තා වෙලා තියනව නම් දැනට ක්‍රියාත්මක වන පියවරයන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ,” වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම – මව්බිම