Press "Enter" to skip to content

නාවික හමුදා සෙබළියකට කොරෝනා

කටුගස්තොට පොලිස් වසමේ රජපිහිල්ල ප්‍රදේශයේ විසි එක් හැවිරිදි නාවික හමුදා සෙබළියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සිය නිවස තුළම නිරෝධායනයට යොමුකොට තිබේ .

කන්කසන්තුරේ ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවය කරන බව කියන එම නාවික හමුදා සෙබලිය නිවාඩුවක් ගත කිරීම සඳහා රජපීල්ල ප්‍රදේශයේ ඇයගේ නිවසට පැමිණ ආපසු ගොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ඇයගේ මව, පියා, බාල සහෝදරයා සහ සහෝදරිය එසේ නිරෝධායනයට යොමු කොට ඇති බවයි පැවසෙන්නේ.