කොරෝනා වයිරසය ආසාධනය වූ බවට සැක කරන රෝගීන් පරීක්ෂාව සඳහා අවශ්‍ය PCR යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමත්වී ඇත.
රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයක අවශ්‍ය කොටස් එකලස් කර නව PCR යන්ත්‍රය නිර්මාණය කිරීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත් වී තිබේ.
මෙසේ සකස් කරන ලද යන්ත්‍රයේ නියම PCR පරීක්ෂණ යන්ත්‍රයක පෙන්වන කාර්යක්ෂමතාවය නොතිබුණද දිනකදී එමඟින් නිවැරැදි PCR පරීක්ෂණ 10 ක පමණ සංඛ්‍යාවක් කරගත හැකි බවද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වන සැක සහිත රෝගීන් සංඛ්‍යාව අනුව එම පරීක්ෂණ සංඛ්‍යාව දිනකට හොඳටම ප්‍රමාණවත් බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.